FAST NEWS

24×7 Around the Globe

රාජස්ථානය පරදා හයිද්‍රාබාද් කඩුලු 05 ක ජයක් වාර්තා කරයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ හයිද්‍රාබාද්හිදී පැවැති අටවැනි තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 05 ක ජයක් හිමිකර ගැනීමට සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (29 ) සමත් විය.
කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් රාජස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 02 ක් පමණක් දැවි ලකුණු 198 ක් රැස් කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 199 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුලු 05 ක් දැවී ඉලක්කය සපුරා ගත්තේය.
රාජස්ථාන් රෝයල්ස් – 20 2 /198
(අජින්ක්‍යා රහනේ 70, සංජු සැම්සන් නොදැවී 102)
සන්රයිස් හයිද්‍රාබාද් – 19 5 /201
(ඬේවිඞ් වෝනර් 69, ජොනී බෙයාර්ස්ටෝ 45, විජේ ශංකර් 35, ශ්‍රියාස් ගෝපාල් 27/3)