FAST NEWS

24×7 Around the Globe

තිරිමාන්න – පොර්ඩ් හා සිය පියා ක්‍රිකට් සමුගැනිමට බලපෑ හැටි සංගා හෙළි කරයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – තමා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනිමට හේතුවු කාරණ කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමීන් සඳහන් කර තිබේ.
ඒ අනුව ක්‍රිකට් වලින් සමු ගැනිම සඳහා සිය පියාගේ පෙළඹවිම හා 2013 ඔස්ට්‍රේලියා තරග සංචාරයේදි සිය සමුගැනිම සම්බන්ධයෙන් එවකට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පුහුණූකරුවු ග්‍රෑහැම් පොර්ඩ් දුන් අදහස සම්බන්ධයෙන් හෙතෙම මෙහිදි සඳහන් කර තිබේ.
සම්පුර්ණ කතාව..
“එ තීරණය හදිස්සියේ ගත්ත තීරණයක් නෙවෙයි. 2013 විතර මගේ පියා මගෙන් දුරකථනයෙන් අමතලා ඇහැව්වා.පොඩ්ඩක් මාව කෙන්ති ගස්සපු ප්‍රශ්නයක් ඇහැව්වා.මගෙන් ඇහැව්වා ඔයා ඇයි තාම ක්‍රිකට් ගහන්නේ.මෙච්චර කල් ගහලත් දැන් ඇති නැද්ද කියලා.ඉතින් එ වසරේදි මගේ දස්කම් තාමත් හොඳ මට්ටමක තිබ්බේ.ඉතින් මට ඇත්තටම මට පොඩ්ඩක් තරහා ගියා. මොකද මේ මගේම පියා ඇයි මගෙන් මෙහෙම අහන්නේ මගෙන් කතා කරලා කියලා. ඉතින් මම ඇහැව්වා ඇයි මොකද මේ මොකක් හරි ප්‍රශ්නයක් තියනවද. ක්‍රීඩා කරන්නේ නැද්ද මොකක්ද. මට තව ක්‍රීඩා කරන්න පුලුවන්නේ හයිය තියනවා හැකියාව තියනවා.අප්පච්චි කිව්වා නැ එක නෙවෙයි. මේ ජීවිත කාලේම ක්‍රිකට් ගහන්න බෑ.මෙ ඔයාගේ ක්‍රිකට් දිවියේ අවසාන කාලේ මෙ මැදත් නෙවේ.අවසාන අවුරුදු ටික.නරකද දැන් ඉදින්ම එ ගැන හිතලා බලලා.හරි තීරණයක් ගත්තොත් හොඳ නැද්ද කියලා අහලා තමයි දුරකථනය තිබ්බේ. ඉතින් මාත් පොඩ්ඩක් ගැස්සුනා.ඉතින් මාත් බැලුවා මොකද්ද මේ කිව්වේ මෙකේ තෙරුම මොකද්ද කියලා මගේ බිරිඳ එක්ක සාකච්ඡා කළා.පැය ගාණක් ගියාට පස්සේ තමා අර කෙන්තිය නිවිලා.එ කියන්නේ ඉවර වුනාට පස්සේ ඇත්තටම හිතුනා මේක ඇත්තටම හරි කතාවක් නේ ඇත්ත කතාවක් නේ නේද කියලා එතකොට තමයි මම තීරණය කලේ. දැන් හිතන්න ඔන කවදද මේක අවසන් කරන්නේ විශ්‍රාම යන්නේ.එ දේට කොමද අපි සුදානම් වෙන්නේ. කොයි අවස්ථාවේද විශ්‍රාම යන්න ඕනේ ඇයි කියලා.
මම කවදාවත් හිතුවේ නැ මෙ හොඳමට ඉන්නා කාලේ යන්න ඔනේ හරි කියලා විශේෂ දෙයක් කියලා තීරණයක් ගත්තේ නෑ. මම තීරණය ගත්තේ එ කාලේ. දෙදාස්.. ඔස්ට්‍රේලියානු සංචාරයක් තිබ්බා දෙදාස් දොළහ දහතුන එතකොට අපි බොක්සින් ඩේ දෙසැම්බර් 26 වැනිදා ටෙස්ට් මැච් එකක් ක්‍රීඩා කළා මෙල්බර්න් ක්‍රිකට් පිට්ටනියේ අපි ඉතාම අන්ත පරාජයක් ලැබුවා.එ තරගයෙන් නමුත් දෙවැනි ඉනිමේ මං ක්‍රීඩා කර කර ඉන්නැද්දි මිචෙල් ජොන්සන් යවපු පන්දුවක්.මගේ ඇගිල්ලේ වැදුනා මගේ ඇගිල්ල කැඩුණා.එතකොට මට එකට ශල්‍යකර්මයක් කරලා. මට එ තරගාවලියට ඊට පස්සේ මුහුණ දෙන්න බැරි වුනා.නමුත් මම මෙල්බර්න් නුවර යාලුවෙක්ගේ ගෙදර නැවතිලා.මායි මගේ බිරිඳයි ළමයි දෙන්නයි එ තරගාවලිය නරඹමීන් හිටියා. එතකොට ළහිරු තිරිමාන්න මගේ ආදේශක ක්‍රීඩාකයා හැටියට පිටියට ඇවිල්ලා සිඩ්නි ටෙස්ට් මැච් එකේ ඔහු ලකුණූ අනු ගාණක් ලබා ගත්තා.ඊට පස්සේ එක්දින තරගයක් ක්‍රීඩා කරලා ලකුණූ 100 ක් ලබා ගත්තා ඇඩිලෙඩ් නුවර.එතකොට ග්‍රෑහැම් පොර්ඩ් ඔහු තමා පුහුණූකරුවා. ග්‍රෑහැම් පොර්ඩ්ට මම දුරකථන ඇමතුමක් අරගෙන මම කිව්වා. කෝච් කියලා අපි කිව්වේ මම කිව්වා. මම බලන් හිටියා මෙන්න මේ ගොල්ලන්ගේ දස්කම්. මො ගොල්ලන් හරිම හොඳ ලබාල ක්‍රීඩකයින් ටිකක් නේද. මං කිව්වා මට අවංකව කියන්න ඔයා හිතනවද මගේ සේවය තවමත් ලංකාවේ ක්‍රිකට් කණෟඩායමට අවශයද කියලා.මගේ දස්කම් මගේ හැකියාවන් තාමත් වටිනවද නැද්ද.. මොකද මම කිව්වා ඔයා පුහුණූකරුවා හැටියට මට එ දෙන උත්තරෙන් මට තේරුම් ගන්න පුළුවන් මම 2013 න් පස්සේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්න ඕනද නැත්තං එ වේලාවේ විශ්‍රාම යන්න ඕනද කියලා. එතකොට ග්‍රෑහැම් පොරඩ් කිව්වා නෑ මන් හිතන්නේ තව අවුරුදු කීපයකට අවුරුද්දක් දෙකක් තුනක් හතරක් කිව්වේ නෑ අවුරුදු කිපයක් තවදුරටත් ඔයාට කණ්ඩායමේ ස්ථානයක් තියෙනවා.ඔයාට කරන්න පුලුවන් ලොකු දෙවක් තියනවා ඔයාට කණ්ඩායමට කියලා. එ දුරකථන ඇමතුමෙන් පස්සේ තමයි මම ඇත්තටම එ වෙලාවේ හිටියේ ග්‍රෑහැම් පොර්ඩ් කිව්වනම් නැහැ මෙ ලාබාල ක්‍රීඩකයින් එක්ක ඉදිරියට යන්න අවස්ථාව උදාකරලා දෙන්න කියලා කිව්වනම් මම විශ්‍රාම යනවා එ අවස්ථාවේදිම. මෙවා ඉතිං තිරෙන් පිටිපස්සේ කතා.නමුත් ඊට පස්සේ 2015 ලෝකු කුසාලනයෙන් පස්සේ තමා මම විශ්‍රාම යන්න හිටියේ. නමුත් යම් ඉල්ලිමක් නිසා මම තව තරගාවලි දෙකකට සහභාගි වුනා.නමුත් මම හිතන්නේ. මම ගියපු කාලේ හරි “