FAST NEWS

24×7 Around the Globe

හරිතාගාර වායු නික්මීමෙන් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අගවයි…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අගවමින් ප්‍රකාශකර සිටින්නේ මිහිතලය උණුසුම්වීමේ භෞතික සහ මූල්‍යමය බලපෑම් වේගවත් වී ඇති බව සහ වාර්තාගත අන්දමින් හරිතාගාර වායු නික්මීම නිසා උෂ්ණත්වය අනතුරුදායක ලෙස ඉහළ යමින් පවතින බවත්ය.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර බලශක්ති ආයතනය විසින් 2018 වසරේ කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට එක්වීම වේගවත් වී ඇති බවට වාර්තාවක් නිකුත් කර තිබියදීයි.
2018 වසරේදී මිලියන 62 ක ලෝකයේ ජීවත්වන ජනතාව කාලගුණ වෙනස නිසා හටගත් විවිධ ආපදාවන්වලට ගොදුරු වී ඇත.
පෘථිවි ඉතිහාසයේ සෑම කාලපරිච්ඡේදයක් තුළදීම මෙවැනි දේශගුණික විපර්යාස සිදුවී ඇතත් අද අප දකින දේශගුණික විපර්යාස මානව ක්‍රියාකාරකම් හේතුවෙන් තවදුරටත් වර්ධනය වී තිබේ.
මානව ක්‍රියාකාරකම් නිසා දේශගුණය වෙනස්වීම තුළින් අද දවසේ ලෝකයේ සිදුවෙමින් පවතින ස්වභාවික ව්‍යසනයන් මිනිසාගේ පැවැත්මට බරපතළ තර්ජනයක් වී අවසන්.