FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ ප්‍රභලයින් පහකට එරෙහිව විනය පරීක්ෂණ.

පක්‍ෂ විනය නීති උල්ලංගණය කළ බව කියන මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකුට එරෙහිව විනය පරික්‍ෂණ පැවැත්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ ඩලස් අලහප්පෙරුම, ප‍්‍රසන්න රණතුංග සහ විදුර වික‍්‍රමනායක යන මහත්වරුන්ට එරෙහිව එම විනය පරික්‍ෂණ සිදුකෙරෙනු ඇති බවයි.

එමෙන්ම ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ධනසිරි අමරතුංග යන මහත්වරුන් සම්බන්ධයෙන් ද විනය පරික්‍ෂණ සිදුකෙරෙනු ඇති. පක්‍ෂයේ සමගියට බාධාවන අයුරින් විවිධ ප‍්‍රකාශ සිදුකිරීම ඔවුන්ට එරෙහි චෝදනාව වනවා.

අදාළ විනය පරික්‍ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් වන යෝජනාව හෙට පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සමුළුවට ද ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

අදාළ යෝජනාව සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ විධායක සභාවේ ද අනුමැතිය ලැබී තිබෙනවා.