FAST NEWS

24×7 Around the Globe

දූෂණය අවම කිරීම සදහා යුරෝපයෙන් ප්ලාස්ටික් තහනමක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2021 වසර වනවිට එක් වරක් භාවිත කළ හැකි ප්ලාස්ටික් තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇති අතර , ඒ සඳහා යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය ද හිමිව තිබේ.
මෙම නව තහනමට අනුව කොට්න්බඩ්, ප්ලාස්ටික් පිහි සහ ගෑරුප්පු ආදිය තහනම් කිරීමට යුරෝපා සංගමය සැලසුම් කර ඇත.
තහනම් කළ යුතු තවත් ප්ලාස්ටික් උපකරණ 10 ක් සම්බන්ධයෙන් සහ ප‍්‍රතිචක‍්‍රීකරණ වැඩසටහන සම්බන්ධයෙන් ද ඔවුන්ගේ විශේෂ අවදානය යොමු වී තිබේ.
සාගරය දූෂණය වීමටද ප්‍රධාන හේතුවක් ලෙස ප්ලාස්ටික් භාවිතය මූලික වී ඇති අතර පරිසර පද්ධතියට ද මෙයින් දැඩි බලපෑමක් එල්ල වෙයි.
යුරෝපා සංගම් නියෝජිතයන් සඳහන් කරන්නේ ප්ලාස්ටික් භාවිතයේදී නව ප‍්‍රමිතීන් හදුන්වාදීමටත් ඉදිරියේදී පියවර ගන්නා බවයි.