FAST NEWS

24×7 Around the Globe

වැගන් ආර් ආනයනය කිරීම නවතා දමයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථ මාදිලිය වන වැගන් ආර් ඉදිරියේදී මෙරටට ආනයනය නොකිරීමට තීරණය කළ බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිඤ්ඤගේ මහතා සදහන් කරයි.
රේගුවේ වර්ගීකරණ කමිටුවේ අත්තනෝමතික තීරණයන් මත වැගන් ආර් හයිබ්‍රිඩ් රථ ලෙස නොව පෙට්‍රල් වාහන ලෙස නිෂ්කාෂණය කිරීම මීට හේතුව ලෙස ඔහු පෙන්වාදෙයි.
රුපියල් ලක්ෂ 33 කට අලෙවි වන වැගන් ආර් රථයක් රේගුවේ මෙම තීරණය හේතුවෙන් ලක්ෂ 35 කට අලෙවි කිරීමට සිදුවන බවද සභාපතිවරයා පවසයි.
මෙම තත්ත්වය යටතේ ජනතාවට මෙම වාහනය මිලදී ගැනීමට නොහැකි වන නිසා එම වාහනය ගෙන්වීම නතර කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.