FAST NEWS

24×7 Around the Globe

මුම්බායි සමග කතිකාවෙන් පසු මාලිංගගේ නවතම ස්ථාවරය මෙන්න..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – 2019 ඉන්දීය ප්‍රිමීයර් ලීග් විස්සයි – 20 (අයි.පී.එල්) තරගාවලිය සඳහා සහාගිවීම සඳහා ඉන්දීයාව වෙත ඊයේ (27) දිනයේ ගිය ශ්‍රී ලංකා සිමීත පන්දුවාර කණ්ඩායම් නායක ලසිත් මාලිංග එහිදි සිය අදහසේ යම් වෙනසක් සිදු කිරිමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුව අප්‍රේල් මස 04 වැනිදා සිට අප්‍රේල් මස 11 වැනිදා දක්වා අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වී නැවතත් අයි.පී.එල් තරගාවලියට සම්බන්ධ විමට ඔහු අදහස් කර ඇති බව එම වාර්තා කියයි.
මාලිංග ඊයේ (27) දිනයේදි තමා නියෝජනය කරන මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණූකරුවු මහේල ජයවර්ධන හා කණ්ඩායමේ සෙසු ජ්‍යෙෂ්ඨ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම අදහසට හෙතෙම පැමීණ ඇති බවද එම ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි.
ඒ අනුව මෙ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කතිකා කර අද (28) දිනයේ තීන්දුවක් ගැනිමට ඔහු අපේක්ෂාවෙන් පසු වන බවද වැඩි දුරටත් කියැවේ.