FAST NEWS

24×7 Around the Globe

කණ්ඩායමේ ස්ථානය අහිමී සුරාජ් රන්දිව්ගෙන් කඩුලු දඩයමක්..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක සුරාජ් රන්දිව් ලකුණූ 21 කට කඩුලු 07 ක් දවා ගැනිමට සමත්ව තිබේ.
SLC Major League Tier ‘B’ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය යටතේ කලුතර TC කණ්ඩායම වෙනුවෙන් ගාල්ල CC කණ්ඩායමට එරෙහිව ඊයේ (27) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේදි මෙම දක්ෂතාවය දක්වා තිබේ.
ඒ අනුව ගාල්ල පළමු ඉනිම ලකුණූ 98 කට සීමා වි තිබේ.
සුරාජ් රන්දිව් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අවසන් වශයෙන් 2016 වර්ෂයේ ජුලි මාසයේදි එංගලන්තය සමඟ එක්දින තරගයක් ක්‍රීඩා කර තිබේ.