FAST NEWS

24×7 Around the Globe

ආසියාවේ හොදම අවන්හල් 50 අතරට සංගාගේ හා මහේලගේ Ministry of Crab…


(ෆාස්ට් නව්ස් | කොළඹ ) –  ශ්‍රී ලංකාවේ “Ministry of Crab” අපනශාලාව, 2019 වසරේ ආසියාවේ හොඳම අවන්හල් 50න් 35 වන ස්ථානය හිමිකර ගැනීමට සමත්වී තිබේ.
Ministry of Crab ආපනශාලාව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර , මහේල ජයවර්ධන මෙන්ම සූපවේදී දර්ශන් මුනිදාස විසින් හිමිකාරීත්වය දරණු ලබයි.
මැකාවි හිදී පවත්වන ලද සම්මාන ප්‍රදානෝත්සවයකදි මෙම ආපනශාලාව සදහා සම්මානයක්ද හිමිවිය.
කොළඹ ලන්දේසි රෝහල් පරිශ්‍රයේ ආරම්භ කළ මෙම අවන්හලේ ශාඛා මේ වන විට චීනය, පිලිපීනය හා ඉන්දියාව යන රටවල් වලත් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.
2017 වසරේදී Ministry of Crab ආපනශාලාව ආසියාවේ 29 වැනි ස්ථානයට පත්වීමටත් හැකියාව උදාවිය.