FAST NEWS

24×7 Around the Globe

වසා දමා තිබූ පාකිස්ථාන ගුවන් කලාපය සම්පූර්ණයෙන් විවෘත කරයි…

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – කාශ්මීරයේදී ඉන්දීය හමුදාවට එල්ල වූ ප‍්‍රහාරයත් සමඟ පාකිස්ථානය සහ ඉන්දියාව අතර පැවති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් පාකිස්ථානයේ වසා තිබූ ගුවන් කලාපය සම්පූර්ණයෙන් විවෘත කිරීමට පාකිස්ථානය තීරණය කර තිබේ.
ඒ අනුව මේ වනවිට සියලු ගුවන් ගමන් වාර සඳහා පාකිස්ථාන කලාපය භාවිත කිරීමේ හැකියාව පවතින බව එරට මාධ්‍ය පවසයි.
සැලසුම් කළ ආකාරයට ලාහෝර් සිට ඉස්ලාමාබාද් දක්වා ඇතුළු අනෙකුත් ගුවන් තොටුපල සඳහා වාණිජ සේවාද ක‍්‍රියාත්මක කර තිබේ.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර මතුව ඇති ගැටළුකාරි තත්ත්වය තවමත් සම්පූර්ණයෙන්ම අවසන් නැති බවත් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.