FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණයට අපේක්ෂකයා තොරන හැටි මහින්ද කතුවරුන්ට කෙලින්ම කියයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිම තිරණයක් ගෙන නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේදි පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
එසේම ඉදිරි ජනපතිවරණයට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන බවට පැවැසූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
“පවුලේ පොඩි සාදයක් තිබුණා. ඒකේ කතා කළේ නෑ (ජනපති අපේක්ෂකත්වය). පවුල් එකතු වෙන්නේ නැත්ද? එකනේ මට තිබෙන ලොකුම චෝදනාව ‘සහෝදර සමාගම’. දැන් අපේ ප්‍රධානියා චමල් රාජපක්ෂ මහතා එතුමා කැඳවනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා එනවා කියලා තිරණයක් ගත්තේ නෑ. බැසිල් මහත්තයා එනවා කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එනවා කිව්වා. චමල් එනවා කියනවා. පවුලේ එක එක්කෙනා ගැන ලොකු ලොකු මතවාද ආවා. බැසිල් කිව්වා මම නම් එන්නේ නෑ කියලා.
තාම මම දිනන්න පුළුවන් කෙනා හොයනවා. තාම එක්සත් ජාතික පක්ෂය තීන්දු කරලත් නෑ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හැටියට අපේ අපේක්ෂකයා තීරණය කරනවා.”