(ෆාස්ට් ගොසිප් – කොළඹ) දකුණූ අප්‍රිකා සංචාරයේදි ලෝක කුසලානය සඳහා හොඳ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් හදුනා ගැනිමට හැකියාව ලැබුණූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර කණ්ඩායම් නායක ලසිත් මාලිංග කටුනායක ගුවන්තොටුපලෙන් පැමීණෙමීන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය.
වැඩි දුරටත් අදහස් දැක්වු මාලිංග..
“ලෝක කුසලාන තරගාවලියට කලින් පැවති අවසන් තරගාවලිය. එකේදි අපි ජාතික කණ්ඩායමක් විදියට රටේ අවශ්‍යතාවය අනුව අපිට හොඳ ක්‍රීඩකයින් දෙන්නෙක් තුන්දෙනෙක් අපිට ලෝක කුසලානයට පෙර හොයා ගන්න ලැබුණා.මම හිතන්නේ ඔෂද ප්‍රනාන්දු ඉසුරු උදාන ජේෆ්රී වැන්ඩර්සේ වගේ ක්‍රීඩකයින් ගොඩක් එළියට ආව ඔවුන්ගේ දක්ෂතා අතරට.
නමුත් තරගාවලිය ගත්තොත් අපි තරගාවලියක් විදියට ක්‍රීඩකයින් විදියට පන්දු යවන්නොත් පිතිකරුවොත් අසාර්ථක වුනා. අපි පුහුණූවිම් කටයුතු කරගෙන යනවා නමුත් වෙලා තියෙන්නේ ක්‍රීඩකයන් තරගය තුලදි ඔවුන්ගේ තියන මානසිකත්වයත් ඔවුන් කොහොමද ක්‍රීඩා කරන්නේ තරගයක් ජයග්‍රහණය කරවන්නේ කියන එක තාම බලනකොට මට හිතෙනවා තව මදි කමක් තියනවා කියලා ඉතින් තවත් අත්දැකිම් ලබා ගන්නකොට මම හිතනවා අපි කලින් තත්වෙට ක්‍රිකට් ක්‍රීඩාව අරගෙන එන්න ලැබෙයි කියලා.
අපි ජයග්‍රහණය කරන කාල තුලදි මම වගේම පරිණත ක්‍රීඩකයින් 11 දෙනාම අතර අඩුම වශයෙක් ක්‍රීඩකයින් නව දෙනෙක් දහ දෙනෙක් විතර හිටියා දැන් දැන් ක්‍රිකට් ක්‍රීඩාව බලනකොට දැන් එහෙම දහ දෙනෙක් නම දෙනෙක් ඉන්නවද කියන ප්රශ්නය.ඔගොල්ලන්ගෙන්ම අහලා බැලුවොත් හොඳයි ඉතින් එක නිසා මම හිතන්නේ ක්‍රීඩකයින් පරිණත වෙනකොට එක්කෙනෙක් දෙන්නෙක් පරිණත වෙලා හරියන්නේ නැ .කණ්ඩායමක් තුල පරිණත භාවය කියන්නේ දක්ෂතා දක්වන එක. මෙතන මැච් ගානක් සෙල්ලම් කලා කියන එක පරිණතභාවයට හේතුවක් නොවෙයි ඉතින් එක නිසා මැච් ගානක් සෙල්ලම් කරලා දක්ෂතා දක්වපු ක්‍රීඩකයින් තමා කණ්ඩායමට අවශ්‍ය වෙන්නේ. ලෝක ක්‍රිකට් කියන්නේ ගොඩක් පෙෂර් එකක් තියන ක්‍රීඩාව ඉතින් එ පෙෂර් එක හැඩල් කරන්න පුලුවන්නම් තමයි ජයග්‍රහණය කර යන්න පුලුවන් වෙන්නේ මම හිතනවා අපේ ක්‍රීඩකයින් පෙෂර් එක හැඩල් කරන්න පුරුදු වෙයි කියලා. එක ක්‍රිකට් ක්‍රීඩා කිරිම තුලින් නොවේ මනස වර්ධනය කර ගන්න ඕනා ඔය පෙෂර් එක හැඩ් කරන්නේ කියන එකට මම හිතනවා එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ ලෝක කුසලානයක් වගේ ලොකු තරගාවලියක් ක්‍රීඩා කරන්න යනකොට”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.