(ෆාස්ට් ගොසිප්) -විදේශයන්හීදී මිය ගොස් ශ්‍රී ලංකාවට රැගෙන එන මළ සිරුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ චක්‍ර ලේඛනයකින් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරන වෛද්‍යවරුන් වෙත පවරා , එම කටයුතු දවසේ පැය 12 කට සීමා කර ඇති බැවින් කටුනායක ගුවන් තොටුපළේදී ඥාතීන්ට එවා භාර ගැනිමේ අර්බුදයක් ඇතිව පවතින බව ගුවන්තොටුපල ආරංචි මාර්ග කියයි.
මීන් පෙර දවසේ පැය 24 පුරා , ඒවා භාර ගැනීමට පැමිණෙන ඥාතීන්ට භාර දීමට පියවර ගත්තද , මීට මසක පමණ කාලයක සිට එම කටයුතු දවසේ දහවල් කාලයට පමණක් සීමා වී ඇති බව පැවසේ.
කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ ආරම්භයේ සිටම මෙසේ ශ්‍රී ලංකාවට එවන මළ සිරුරු දවසේ පැය 24 පුරා ඒවා රැගෙන යෑමට පැමිණෙන ඥාතීන් වෙත නිදහස් කළ බවත් , එම රාජකාරී කටයුතු ගුවන් තොටුපළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඉටු කර තිබේ.
කෙසේ වෙතත් මෙම මළ සිරුරු නිදහස් කිරීම ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනයන් සිදු කර ඇති වෛද්‍යවරුන් වෙත වගකීම පැවරීම පිළිබඳව තමන්ට ගැටළුවක් නොමැති බවත් , මෙම මළ සිරුරු නිදහස් කිරීම පැය 24 සිට පැය 12 දක්වා අඩුවීම ජනතාව පීඩනයට පත් වන කරුණක් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද පෙන්වා දෙයි.
මෙම මළ සිරුරු නිදහස් කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ ගුවන් බඩු ගම්මානයේ විශේෂ කාර්යාල පරිශ්‍රයක් ද ඒ සදහා වෙන් කර දී ඇත්තේ ද මෙම කටයුතු පහසුවෙන් ජනතාව වෙත ඉටු කිරීම සඳහා බවත් , එහෙත් මෙම නව තීරණය නිසා මෙම මළ සිරුරු රැගෙන යෑමට පැමිණෙන ඥාතීන් මෙන්ම ඒවා ප්‍රවාහනය කරන පෞද්ගලික මල් ශාලාකරුවන් ද දැඩි අපහසුතාවයකට ලක් වී ඇති බවද පැවසේ .