FAST NEWS

24×7 Around the Globe

තෙරේසා මේ පරාජය කිරීමට එරට පාර්ලිමේන්තු ඡන්දයක්…

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ක්‍රියාවලිය තමන් අතට ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඊයේ (25) ඡන්දය ප්‍රකාශ කළ අතර , තෙරේසා මේ ගේ රජය පරාජය කිරීම සඳහා එහිදී පාලක කන්සර්වටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.
බ්‍රික්සිට් ක්‍රියාවලිය තමන් අතට ගැනීම සඳහා මන්ත්‍රීවරුන් 329 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර ඊට එරෙහිව මන්ත්‍රීවරුන් තුන්සිය දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කළහ.
අගමැතිනී තෙරේසා මේ ප්‍රකාශ කළේ මෙලෙස රටට බලපාන ක්‍රියාවලියක බලය මන්ත්‍රීවරුන් අතට ගැනීම වැරදි පූර්වාදර්ශයක් බවයි.
එමෙන්ම ඔවුන්ගේ ඉදිරි පියවර සම්බන්ධයෙන් වගකීමක් දැරිය නොහැකි බව ද ඇය ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.