FAST NEWS

24×7 Around the Globe

ජවිපෙන් එන ජනාධිපති අපේක්ෂකයා ගැන බිමල් කියයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ)  –  2019 ඔක්තෝබර් 15 වැනිදාට පෙර විධායක ජනාධිපතිධුරය අහෝසි කර ගන්නට බැරි වුණොත් ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණින් ප‍්‍රබල අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බව ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා පෙරේදා (24 ) කළුතර නගර ශාලාවේදී පැවැති පක්‍ෂයේ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් පැවසීය.
“ජනාධිපතිවරණයක් පැවැත්වුණොත් කාටවත් සියයට 45 ට වඩා ගන්න බැහැ.මෙවර අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා හරහා දැවැන්ත ඡන්ද ප‍්‍රමාණයක් ලබාගෙන එය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දැවැන්ත ජනවරමක් බවට පත් කරගන්නවා”