(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන චන්දික හතුරුසිංහට තවදුරටත් කණ්ඩායමට සේවය කිරීමේ අවස්ථාව දීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානීන් කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඒ සම්බන්ධයෙන් ඔවුන් ක‍්‍රීඩා ඇමැතිවරයාගේ අදහසද ලබා ගැනීමට නියමිතව බවද කියැවේ.
ඉකුත් වසරක කාලය තුළදී කණ්ඩායමේ ඇතිවූ ගැටුම්කාරීත්වය, විනය සහ එකමුතුකම නොමැතිවීම යන කරුණු සම්බන්ධයෙන් චන්දික හතුරුසිංහ මහතාටද චෝදනා එල්ල වු අතර අදාළ දුර්වල ස්ථානයන්ට හේතුව කුමක්දැයි ක‍්‍රිකට් ප‍්‍රධානීන් හතුරුසිංහ සමග සාකච්ඡා කර ඇති බව කියැවේ.
උද්ගතවී ඇති තත්ත්වය අනූව හතුරුසිංහ යළිත් පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ නම් කණ්ඩායමේ නායකත්වය බාර ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් අකමැත්තෙන් සිටින බවද කියැවේ.
ක‍්‍රීඩා ඇමැතිවරයා සමග මීට මාසයකට පෙර පැවැති හමුවේදීද ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා විසින් හතුරුසිංහ සම්බන්ධයෙන් ලබාදී ඇත්තේ අයහපත් ප‍්‍රතිචාරයක් බවද කියැවේ.
කෙසේ වෙතත් සියලූ කරුණු සලකා බලා හතුරුසිංහට යළිත් පුහුණුකරු ධුරය ලබාදෙනවාද නැද්ද යන්න අවසන් තීරණය ක‍්‍රීඩා ඇමැතිවරයා සතුව තිබේ.









