FAST NEWS

24×7 Around the Globe

පොල් මිල පහළ බසී…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොල් අස්වැන්න වෙළඳපොලට ලැබීම ඉහළ යාමත් සමඟ පොල් තොග මිල ගණන් පහත බැස තිබෙන බව වෙළෙදුන් පවසා සිටියි.
මේ වන විට පොල් ගෙඩියක්  30 ත් 35 ත් අතර අගයක පවතින බවත් වාර්තා වෙයි.
නමුත් තවදුරටත් පොල් වගාව ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින මයිටා උවදුර හේතුවෙන් ඉදිරියේ පොල් අස්වැන්නට බලපෑමක් එල්ල විය හැකි බව පොල් වගාකරුවන් සදහන් කරයි.