FAST NEWS

24×7 Around the Globe

මාතලේ සහ දඹුල්ල නගරවල නව ඔසුසල් විවෘත කරයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) මාතලේ සහ දඹුල්ල නගරවල නව ඔසුසල් විවෘත කරනු ලැබීය.
ඒ, සෑම මැතිවරණ කොට්ඨාශයක් සදහාම එක් ඔසුසලක් ලබාදීමේ රජයේ වැඩසටහන යටතේයි.
ඉට අමතරව කෑගල්ල , බදුල්ල , අම්බලන්ගොඩ , දර්ගා නගරය වැනි ස්ථානවල ද ඔසුසල් විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
පසුගිය වර්ෂය අවසන් වනවිට රුපියල් මිලියන 1719 ක ලාභයක් අත්පත් කර ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමත්ව ඇතැයි එහි සභාපති ආචාර්ය එම්. එච්. එම්. රූමී මහතා පැවසුවේය.