FAST NEWS

24×7 Around the Globe

ජනපති අපේක්ෂක තීන්දුව ගැන මහින්ද – මෛත්‍රීට කියයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ඒකාබද්ධ විපක්ෂයේ හා පොහොට්ටුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කොට ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන සිය කණ්ඩායම් තීන්දුව දැනුම් දෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශේෂ හමුවකදී දැනුම් දී ඇති බව ආරංචි මාර්ග කියයි.
ඒ සඳහා සහභාගී වී ඇත්තේ මහින්ද – මෛත්‍රී දෙදෙනාද බව පැවසේ.
ජනාධිපති අපේක්ෂකත්වය ගැන ඒකාබද්ධය තනිව තීන්දුවක් නොගන්නා බවද මෙහිදි අවධාරණය කර ඇති බවත් කියැවේ.
ඒ හැර ජිනීවා යෝජනාවේ ආදීනව රටට බලපාන ආකාරය සම්බන්ධවත් ජනපති හා විපක්ෂ නායකවරයා සාකච්ඡා කර ඇති බවද වැඩි දුරටත් පැවසේ.