FAST NEWS

24×7 Around the Globe

බ්‍රික්සිට් ගිවිසුම කල් දැමීමට යුරෝපා සංගමය එකඟත්වය පළකරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ගිවිසුම කල් දැමීමට යුරෝපා සංගමය එකඟත්වය පළකර තිබේ.
වෙන්වීමේ ගිවිසුම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් අනුමත කළහොත් කලින් එකඟ වූ පරිදි මාර්තු 29 වනදා නොව ඒ සඳහා මැයි 22 වනදා දක්වා කල් ලබාදීමටයි යුරෝපා සංගමය එකඟ වී ඇත්තේ.
නමුත් එය තවදුරටත් මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කළහොත් එළඹෙන අප්‍රේල් 12 වනදා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ නව දිනය වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.