FAST NEWS

24×7 Around the Globe

පාසල් සිසුන් 51 දෙනෙකු රැගත් බස් රථයක් ඉතාලියේදී පැහැරගනියි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ඉතාලියේ මිලානෝ නගරය ආසන්නයේදී පාසල් සිසුන් 51 දෙනෙකු ගමන් ගත් බස් රථයක් එම බස් රථයේම රියදුරු විසින් පැහැර ගැනීමට ලක්කර තිබේ.

එම පුද්ගලයා විසින්ම සිසුන්ට තර්ජනය කර මෙම පැහැරගැනීම සිදුකර ඇති අතර සිසුන් පිරිස බස් රථය තුළ සිටියදීම එයට ගිනි තබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

නමුත් බස් රථයේ පිටුපස වීදුරුව කඩා ළමයින් පිරිස නිරුපද්‍රිතව බේරා ගැනීමට එරට පොලිසියට හැකියාව ලැබී ඇත.

ඇතිවූ ගින්න හේතුවෙන් සුළු ශ්වසන ආබාධවලට ලක්වූ සිසුන් 14 දෙනෙකු පමණ රෝහල් ගත කර තිබේ.

47 හැවිරිදි අදාළ සැකකරු සෙනෙගල් රාජ්‍යයේ සිට ඉතාලියට සංක්‍රමණය වූවෙක් බවත් විදෙස් වාර්තා සදහන් කරයි.