(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (19) පැවැති පළමු විස්සයි-20 තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපිරි ඕවරය ජය ගනිමීන් තරගය ජයග්‍රහණය කිරිමට සමත් විය.
දෙපිලේම ලකුණු (134) සමවීම හේතුවෙන් ලසිත් මාලිංග විසින් යවන ලද සුපිරි ඕවරයේදී ඩෙවිඩ් මිලර් (13) සහ රාසි වැන්ඩසන් (1) එක්ව ලකුණු 14 ක් ලබාගත්හ.
අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පිවිසි තිසර පෙරේරා (02) සහ අවිශ්ක ප්‍රනාන්දුට (01) ඉම්රාන් තහීර් විසින් යවන ලද සුපිරි ඕවරයේදී ලබාගත හැකිවූයේ ලකුණු 03 ක් පමණි.
අනෙක් ලකුණ වයිඩි පන්දුවකින් ලැබිණ.
දකුණු අප්‍රිකාව මෙම ජයත් සමග තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය.
පළමු විස්සයි-20 තරගයේ ජය දකුණු අප්‍රිකාවට..







