FAST NEWS

24×7 Around the Globe

නව පාර්ලිමේන්තුවේ මැති ඇමතින්ට සම්භාහනය නොමීලේම.

නව පාර්ලිමේන්තුවට තේරී පත්වූ මැති ඇමතිවරුන් සඳහා අවශ්‍යකරන සම්භාහන අවශ්‍යතා සපුරා දීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව දැන ගන්නට ලැබේ.

ඒ අනුව ශීර්ෂ සම්භාහනය, පාද සම්භාහනය, පූර්ණ සිරුර සම්භාහනය, අධික තරබාරුවට ප්‍රතිකාර මෙන්ම රූපලාවන්‍ය ආදී කටයුතු නොමිලේ ලබා ගැනීමේ හැකියාව උදා වී තිබේ.

දැනට වාර්තා වෙන අන්දමට රජයේ නිවාඩු දින හැරුණු කොට අනෙකුත් සියලූම දිනයන් හීදි පෙරවරු 8 ත් පස්වරු 4 ත් අතර මෙම සේවා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් වෙත ලබා ගත හැකිය.

මේ ආකාරයේ සම්භාහන ප්‍රතිකාර ලබා දෙන්නේ ආයූර්වේද දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරෙන “හෙළ වෙද පුනරුද” නම් ආයූර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය හරහා සැළසෙන සේවාවක් ලෙසය.