(ෆාස්ට් නිව්ස් | කොළඹ) -ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට එකගත්වය පළවූ අතර , ඒ යටතේ දෙරට අතර ආයෝජන, ආරක්ෂක ප්‍රවර්ධන ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇත.
කොළඹ සිට කාබුල් දක්වා සෘජු ගුවන් ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධ මූලික සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්තාන තානාපති අෂ්රෆ් හයිදාරි මහතා සහ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අතර පැවැත්වූ අතර, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අත්සන් කෙරෙන ගිවිසුම සම්බන්ධ කෙටුම්පතක් තානාපතිවරයා විසින් අමාත්‍යවරයා වෙත පිළිගැන්වූවේය.







