(ෆාස්ට් ගොසිප් – කොළඹ) – තමා එක්දින නායකත්වයට පත් කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතින තේරිම් කමීටුව තහවුරු කර නොමැති වුවත්, නායකත්වයට පත්විය හැකිය යන්න පිළිබඳව මතක තබා ගන්නැයි එම කමීටුව තමා වෙත පවසා ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න විදෙස් ක්‍රීඩා මාධ්‍යයක් වෙත සඳහන් කර තිබේ.
එසේම අප්‍රේල් මාසයේ පැවැත්වෙන අන්තර් පළාත් එක්දින තරඟාවලියට සහභාගි විම සඳහා තමාට රැඳි සිටින ලෙස තේරිම් කමීටුව ඉල්ලා සිටි බවද දිමුත් සඳහන් කර ඇත.
හෙතෙම එළඹෙන එංගලන්ත අන්තර් ක්‍රීඩා සමාජ තරඟාවලිය සඳහා හැම්ෂයර් ක්‍රීඩා සමාජය සමඟ පසුගිය පෙබරවාර මාසයේ ගිවිසුම්ගත විය.
කෙසේ වෙතත මෙම ඉල්ලිමත් සමඟ ඔහු හැම්ෂයර් කණ්ඩායම සමඟ එක් නොවනු ඇති බවද පැවසේ.
මේ අතර ලෝක කුසලාන නායකත්වය පිළිබඳව පළාත් තරඟාවලියෙන් අනතුරුව තීන්දුවක් ගන්නා බව තේරිම් කමීටු සභාපති අසන්ත ද මැල් සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබුණී.








