FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ ප්‍රධාන රෝහල් 10 කට ආඝාත ඒකක..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මේ වන විට දිවයින පුරා ප්‍රධාන රෝහල් 10 ක ඉදිකෙරෙමින් පවතින ආඝාත ඒකකවල ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
මෙලෙස ඉදි කෙරෙන කරාපිටිය ශික්ෂණ රෝහලේ ආඝාත ඒකකය සදහා මිලියන 689ක් , පොළොන්නරුව මහ රෝහලේ ආඝාත ඒකකය සදහා රුපියල් මිලියන 348 ක්, යාපනය ශික්ෂණ රෝහලේ ආඝාත ඒකකය සදහා 633ක් , මිලියන 230 ක් වැය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ද , රුපියල් මිලියන 213 ක් වැය කරමින් අම්පාර මහ රෝහලේ ද ආඝාත ඒකක ඉදි කරනු ඇත.
රත්නපුර , අනුරාධපුරය , මහනුවර සහ මුල්ලේරියාව යන රෝහල්වල ආඝාත ඒකක ඉදිකරන අතර , ඒ සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද අදාළ අමාත්‍යංශය විසින් මේ වන විට වෙන්කර තිබේ.