FAST NEWS

24×7 Around the Globe

මුම්බායිහි ගුවන් මගී පාලමක් කඩාවැටී පුද්ගලයන් 05 ක් මරුට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ මුම්බායි නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානය ආසන්නයේදී ගුවන් මගී පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තිබෙන අතර තවත් 30 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
අනතුර සිදුවූ ස්ථාන‍ය අසළ සුන්බුන් අතර පිරිසක් සිරවී සිටින බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ දැඩි කණගාටුව ප්‍රකාශ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් සටහන් කර ඇත.