FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානයට යන නායකයා කවුදැයි මැල් කියයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  අප්‍රේල් මස 4 වැනිදා සිට 12 වැනිදා අන්තර් පළාත් එක්දින තරඟාවලියෙන් අනතුරුව 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කවුද යන්න තීරණය කරන බව තේරිම් කමීටු සභාපති අසන්ත ද මැල් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
එම තරඟාවලියේදි කණ්ඩායම් 04 ක් ක්‍රීඩා කරන බවත් එහි නායකත්වයන්ට සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග, ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න,හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා තවත් ක්‍රීඩකයෙක් පත් කරන බවත් එ මහතා පෙන්වා දෙයි.
ඒ අනුව එම තරඟාවලියේදි පෙන්නුම් කරන නායකත්ව දක්ෂතා හා ක්‍රීඩා දක්ෂතා මත නව නායකයෙක් පත් කර ගැනිම කණ්ඩායම් කළමණාකාරීත්වයේ හා පුහුණුකරුගේ දායකත්වයද ඇතිව සිදු කරන බව එ මහතා පැවසීය.
එසේම අනෙක් ක්‍රීඩකයින් සංචිතයට තෝරා ගැනිමද එම ක්‍රමවේදය අනුවම සිදුවන බව හෙතෙම අවධාරණය කර සිටියේය.