(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ක්‍රයිස්ටර්චර්ච්හි වෙඩි තැබීමේ සිද්ධිය ගැන ඇසීමෙන් තමා කම්පනයට පත් වු බවත් සිය හෘද්‍යාංගම අනුකම්පාව සහ ශෝකය අදාළ සිද්ධියට මුහුණූ දුන් පුද්ගලයින්ගේ පවුල් සඳහා ප්‍රකාශ කර සිටින බවද ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සිය නිල ටිව්ටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.
මෙම ඛේදජනක සිදුවිමට මුහුණ පෑ සියල්ලන් වෙනුවෙන්ම යාඥා කරන බවත් තුවාල ලැබුවන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරිමටත් කුමාර් සංගක්කාර එම පණිවිඩය මගින් සිදු කර තිබේ.
ක්‍රයිස්ටර්චර්ච්හි මුස්ලිම් පල්ලි දෙකක අද (15) සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයින් 27 දෙනෙක් පමණ මීය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසා සිටියි.
Shocked to hear about the shootings in Christchurch. My heartfelt sympathies and condolences to the families who have lost loved ones. Thoughts prayers and love with all the people affected by this tragic incident. Wishing the injured a full and speedy recovery.
— Kumar Sangakkara (@KumarSanga2) March 15, 2019








