FAST NEWS

24×7 Around the Globe

Facebook සමාගමේ ප්‍රධානීන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මෙතෙක් කාලයකට සිය සමාගම් ඉතිහාසයේ දරුණුතම සේවා බිඳ වැටීමට මේ සතියේ මුහුණ දුන් ෆේස්බුක් සමාගමේ ප්‍රධාන සාමාජිකයන් දෙදෙනෙකු ඉන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ, එම සමාගමේ නිෂ්පාදන ප්‍රධානී ක්‍රිස් කොක්ස් සහ වට්ස්ඇප් ප්‍රධානී ක්‍රිස් ඩැනියෙල්.
මෙම ප්‍රධානීන් දෙදෙනා තම සමාගමෙන් ඉවත් වූ බව ප්‍රකාශ කරනු ලැබුවේ ෆේස්බුක් ප්‍රධාන විධායක සහ නිර්මාතෘ මාක් සකබර්ග් විසින්ය.
ඔවුන් මෙලෙස ඉවත් වී ඇත්තේ ෆේස්බුක් ආයතනය පෞද්ගලිකත්වය පිළිබද අවධානය යොමු කරන සමාගමක් බවට පරිවර්තනය කිරීමේ සැලසුම් මාර්ක් සකබර්ග් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බවත් වාර්තා වේ.
සමාගමෙන් ඉවත්ව යන ක්‍රිස් කොක්ස් ෆේස්බුක් හි ප්‍රධාන විශේෂාංග නිර්මාණය කිරීමට දායක වූ අතර, එහි නිව්ස් ෆීඩ් හෙවත් පුවත් දසුන ද ඊට ඇතුළත් වෙයි.