FAST NEWS

24×7 Around the Globe

රසායනික ද්‍රව්‍යක් හේතුවෙන් මැලේසියාවේ පාසැල් 111ක් වැසෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විෂ රසායනික ද්‍රව්‍යක් හේතුවෙන් මැලේසියාවේ ජොහෝර් පළාතේ පාසැල් සිසුන් ඇතුළු පුද්ගලයින් 200 දෙනෙකු පමණ රෝහල් ගතකර තිබේ.
එම පළාතේ පාසල් 111 ක් වසා දැමීමටත් එරට රජය පියවර ගෙන ඇත.
ප්‍රදේශය හරහා ගලා බසින ගංගාවකට බැහැර කරන විෂ සහිත අපද්‍රව්‍ය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව වාර්තා වේ.
පුද්ගලයන් හයදෙනකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.