අලුත් ආණ්ඩුවේ අමාත්‍ය ධූර බෙදී යාම සම්බන්ධයෙන් මේ වන විට යම් එකඟතාවයකට පැමිණ තිබෙන බවත් ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර ඇමති තනතුරු පහත ආකාරයට බෙදි යනු ඇතැයිද, තොරතුරු වාර්තා වේ.
එහිදී යම් අමාත්‍ය ධූර සම්බන්ධයෙන් එකඟතා ඇති වී තිබෙන බවත් .ඉදිරියේදි ඒ එකඟතා මත යම් යම් විෂය පථයන්ට අදාළව විෂය පුළුල් කිරීමක් සිදුවනු ඇති බවත් එම වාර්තා පැහැදිලි කරයි.
නව කැබිනට් මණ්ඩලයට අලුත් විෂය පථයන් යටතේ නව අමාත්‍ය ධූර හදුන්වා දිමටද ක්‍රියා කර ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.
අලුත් ආණ්ඩුවේ අමාත්‍ය ධූර එකඟතා ලැයිස්තුව මෙසේ ය.
යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ
අගමැති රනිල් වික‍්‍රමසිංහ – ආර්ථික ප‍්‍රතිපත්ති,හා රටෙන් පරිභාහිර සම්පත්රවී කරුණානායක – ආර්ථික කටයුතු
(භාණ්ඩාගාරය,රේගුව,සුරාබදු දෙපාර්තමෙන්තුව,දේශීය ආදායම් දෙපාර්තමෙන්තුව යන ආයතනයන්ද පැවරෙනු ඇත්තේ ඔහු යටතටය.
කබීර් හෂීම් – ජාතික ව්‍යෘපාර සංවර්ධන (නව අමාත්‍යධූරයකි. රාජ්‍ය බැංකු,ශී‍්‍රලන්කන් ගුවන්සේවය,මිහින් ලංකා ගුවන්සේවය,පැළවත්ත හා සෙවණගල සීනි සමාගම්,ලිට්රෝ ගෑස් සමාගම යනාදී ආයතනයන් හා සමාගම්ද ඔහු යටතට ගැනෙනු ඇති බව පැවසේ.)
පාඨලී චම්පික රණවක – බස්නාහිර පළාත් විසල් නගර (මෙට‍්‍රාපොලිස්* හා නාගරික සංවර්ධන)
රවුෆ් හකීම් – නගර සංවර්ධන හා ජලසම්පත් කළමනාකාර
(හකීම් ඉල්ලා ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියයි.මෙම තොරතුරු ලබාදුන් මූලාශ‍්‍රය සදහන් කරන අන්දමට බස්නාහිර විසල් නගර අධිකාරිය ස්ථාපිත කරන තෙක් සිටින්නැයි අගමැති වික‍්‍රමසිංහ ඔහුට උපදෙස් දී තිබේ.)
මලික් සමරවික‍්‍රම – අන්තර්ජාතික වෙළදාම් හා ආයෝජන ප‍්‍රවර්ධන
සජිත් පේ‍්‍රමදාස – නිවාස
රාජිත සේනාරත්න – සෞඛ්‍යය
රංජිත් මද්දුමබණ්ඩාර – මහජන පරිපාලන කටයුතු
තිලක් මාරපන – නීතිය හා සාමය
එම්.කේ.ඞී.එස්.ගුණවර්ධන – බෞද්ධ කටයුතු
අර්ජුන රණතුංග – වරාය
චාන්දනී බණ්ඩාර – වනිතා කටයුතු
ලක්ෂ්මන් කිරිඇල්ල – අධිවේගී මාර්ග
ගයන්ත කරුණාතිලක – සංචාරක කටයුතු
අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු
නවීන් දිසානායක – වැවිලි කර්මාන්ත
ජෝන් අමරතුංග – ස්වදේශ කටයුතු
සාගල රත්නායක – ජන මාධ්‍යය (එයට අමතරව අගමැති ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අමාත්‍යධූරයක්ද වෙන්වී තිබෙන බව පැවසේ.)
හරීන් ප‍්‍රනාන්දු – සන්නිවේදන
තලතා අතුකෝරල – විදේශ රැකියා
වජිර අබේවර්ධන – රාජ්‍ය හා පළාත් පාලන
රිශාඞ් බදුර්දීන් – ආර්ථික හා කර්මාන්ත
පලනි දිගම්බරම් – රාජ්‍ය සම්පත්
එම්.එච්.ඒ.හලීම් – තැපැල්
පී.හැරිසන්ට සහ මනෝ ගනේෂන්ටද අමාත්‍යධූර වෙන්වී තිබෙන බව සඳහන් වේ.
ශී‍්‍රලංකා නිදහස් පක්ෂය
නිමල් සිරිපාල ද සිල්වා – ගුවන් හා අභ්‍යන්තර ප‍්‍රවාහන
(ලංගමය,දුම්රිය සේවය,පෞද්ගලික බස් සේවය යනාදිය අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍යංශය යටතට අයත්වේ.)
ජෝන් සෙනෙවිරත්න – සමාජ සංවර්ධන
(පවතින සමෘද්ධි අමාත්‍යංශය,සමාජ සංවර්ධන අමාත්‍යංශය ලෙස වෙනස් කිරීම සිදුවනු ඇත.)
සුසිල් පේ‍්‍රමජයන්ත – ඛනිජ තෙල්
දුමින්ද දිසානායක – කෘෂිකර්ම
මහින්ද අමරවීර – ධීවර කටයුතු
සරත් අමුණුගම – උසස් අධ්‍යාපනය
මහින්ද සමරසිංහ – කම්කරු කටයුතු
ඩිලාන් පෙරේරා – කී‍්‍රඩා