FAST NEWS

24×7 Around the Globe

සැලසුම වැරදි වෙනත් සැලසුමකට ගිය හැටි වීරයා වු උදාන කියයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කඩුලු 09 ක් බිඳ ඇති විට තමන්ටත් පන්දු යවන්නට මුහුණ දිමට සිදුවන බව තමා දැන සිටි බවත් දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ පැවති තරගයේ වීරයා බවට පත් වු ඉසුරු උදාන මාධ්‍ය වෙත සඳහන් කළේය.
මෙම තරඟයේදි ශ්‍රී ලංකාව වෙුනවෙන් හයේ පහර 06 ක් සහ හතරේ පහර 07 ක් සමගින් පන්දු 51 කදි අගනා ලකුණු 78 ක් රැස් කළේය.
විශේෂයෙන්ම වේග පන්දු යවන්නන්ට පන්දු යැවිමේදි සුළගේ බාධාව තමාට වාසි දායක වු බවත් හෙතෙම මෙහිදි පෙන්වා දි තිබේ.
තවද තමන් පසුගිය මාස 05 ක කාලය තුල පිතිකරණය කෙරෙහි විශේෂ කැපවිමක් කල බවද එ පිළිබඳව තමාට සතුටු විය හැකි බවද ඉසුරු උදාන සඳහන් කර තිබේ.
ඊයේ තරඟයේ තමාගේ සැලසුම වුයේ එක ලකුණක් ලබා අනෙක් පිතිකරුවාට අවස්ථාව ලබා දිම නමුත් කඩුලු 09 ක්ම බිඳ වැටිම නිසා එය සාර්ථක නොවු බවත් තමන්ම පන්දු යවන්නට මුහුණ දුන් බව ඉසුරු උදාන වැඩි දුරටත් පවසා තිබේ.