FAST NEWS

24×7 Around the Globe

සිව්වැනි තරඟයේ ජයත් දකුණු අප්‍රිකාවට..(update)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පෝර්ට් එලිසබෙත්හිදී පැවැති සිව්වැනි එක්දින තරගයෙන් කඩුලු 06 ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 4-0 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව සිටියි.
ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු පිතිකරුවෝ ඕවර 32.5 ක් අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.

දකුණු අප්‍රිකාවට ලකුණු 190 ක ඉලක්කයක්..(update)
(⁣ෆාස්ට් නිව්ස් – කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර අද (13) පොර්ට් එළිසබෙත්හිදී පැවැත්වෙන  සිව්වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 39 යි පන්දු 02 කදි සියලු දෙනා දැවි ලකුණු 189 ක් රැස් කළේය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 190 කි රැස් කළ යුතුය.

 

 

සිව්වැනි තරඟයේ කාසියේ වාසිය දකුණූ අප්‍රිකාවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණූ අප්‍රිකා කණ්ඩායම පොර්ට් එළිසබෙත්හිදි අද (13) ආරම්භ වන සිව්වැනි එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට දකුණූ අප්‍රිකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දු යැවිමට දකුණූ අප්‍රිකාව තීරණය කළේය.