FAST NEWS

24×7 Around the Globe

ප්‍රබල රටවල් කීපයක්ම Boeing 737 Max ගුවන් යානා තහනම් කරයි..


(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සිය ගුවන් කලාපය තුළ බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා භාවිතය තාවකාලිකව අත්හිටවුවීමට ඊයේ (12) දිනයේදී සිංගප්පූරුව ප්‍රථමයෙන් පියවර ගත් අතර මේ වන විට එම තහනම පැනවූ රටවල් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
යුරෝපා සංගමය, ඉන්දියාව, චීනය, මැලේසියාව ඕස්ට්‍රේලියාව , මහා බ්‍රි‍තාන්‍යය, ජර්මනිය සහ ප්‍රංශයද සිය ගුවන් සීමාව තුල බෝයිං 737 මැක්ස් මාදිලියේ ගුවන් යානා භාවිතය ඒ අනුව අත්හිටුවනු ලැබීය.
අදාළ තීරණය ගෙන ඇත්තේ මාස 05 ක් තුළ එම මාදිලියේ ගුවන් යානා 02 ක් අනතුරට ලක්වීම හේතුවෙනුයි.
බෝයිං ගුවන් යානා නිෂ්පාදනය කරන අමෙරිකාව අවධාරණය කරන්නේ 737 මැක්ස් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා යෙදවීම සම්බන්ධ කිසිදු ආරක්ෂක ගැටලුවක් නොමැති බවයි.