FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානයට යන කණ්ඩායම හා මාලිංග ගැන මැල් කියයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – 2019 අයි.සී.සී ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වෙනස් විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන්නේ දකුණු අප‍්‍රිකානු සංචාරය අවසන් වීමෙන් පසුව බව ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා මාධ්‍ය වෙත පැවසීය.

#ක්‍රීඩකයින් තෝරා ගැනිම.

‘‘කණ්ඩායමේ නොයෙකුත් ප‍්‍රශ්න තියෙනවා. ඒ ප‍්‍රශ්න විසඳාගෙන අපි හොඳම කණ්ඩායම ලෝක කුසලානයට නම් කරනවා. අපි දාපු අලූත් කට්ටිය හොඳට කරනවා. පරණ කට්ටිය ගැන හිත හිතා එකම දේ වෙනකම් බලන් ඉන්නත් බැහැ. ශාරීරික යෝග්‍යතාව බලන්න ඕන. ඒ නිසා දකුණු අප‍්‍රිකානු තරගාවලියෙන් පසුව දේශීය තරගාවලිය පැවැත්වෙනවා. ඒ තරගාවලියත් ලෝක කුසලානට යන ක‍්‍රීඩකයන් තෝරා ගැනීමට පරීක්‍ෂණයක් වේවි.’’

#නායකත්වය

‘අපි තවම ලෝක කුසලානට යන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කවුද කියලා ස්ථිරවම තෝරලා නැහැ. ලසිත් මාලිංග දැන් කණ්ඩායමේ නායකයා. නමුත් ඔහු ලෝක කුසලාන තරගාවලියේදී නායකත්වය දරයිද කියලා කියන්න බැහැ. ඇන්ජලෝ මැතිව්ස් ඉන්නවා. තවත් ක‍්‍රීඩකයන් ඉන්නවා. කොහොම වුණත් ඉදිරියේදී අපි සාකච්ඡා කරලා ලෝක කුසලාන නායකයා තෝරනවා. තවම කවුද කියලා අපි තීරණය කරලා නැහැ.’