ශ්‍රී ලංකාව කණ්ඩායම පත්ව ඇති තත්වය ගැන සංගාගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකාව කණ්ඩායම පත්ව ඇති තත්වය ගැන සංගාගෙන් හෙළිදරව්වක්..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර 02 ක කාලයක් පමණ අරගලයක නිරතව සිටින බවද කාලයක් සමඟ ඔවුන් හොඳ කණ්ඩායමක් බවට පත්වනු ඇති බවත් ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර ගල්ෆ් ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමීන් සඳහන් කර තිබේ.
දකුණූ අප්‍රිකාව සමඟ ටෙස්ට් තරඟාවලිය 2-0 ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබමීන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය හැකියාව පෙන්වු බවද හෙතෙම පවසා ඇත.
එසේම ඔවුන් ක්‍රීඩා කරන ආකාරය සහ හොඳින් ක්‍රීඩා කරන්නේ කෙසේද යන්න ඔවුන් අවබෝධ කරගත යුතු බවද හෙතෙම පෙන්වා දී තිබේ.
තමන් කරන දේ පිළිබඳව දිර්ඝ විශ්වාසයකින් යුක්තව කිරිමේන් විශිෂ්ට දක්ෂතා පෙන්විය හැකි බවත් එමගින් තමා දක්ෂ ක්‍රීඩකයෙක් වන බවත් සඳහන් කර ඇත.
ඔවුන් ඉතා දක්ෂ ක්‍රීඩකයින් බවත් පීඩනය යටතේ ක්‍රීඩා කිරිම පිළබඳව අවබෝධයක් හා අත්දැකිම් අවශය බවද කුමාර් සංගක්කාර වැඩි දුරටත් සඳහන් කර තිබේ.