FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මන්ත්‍රීවරු 50-60 ක් වෙල්ගම සමඟ අලුත් පක්ෂයක් හදයි !!!

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හවුල්කාර පක්‍ෂ හා ජාතික ආණ්‌ඩුවට සම්බන්ධ නොවන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එක්‌වී අලුත් පක්‍ෂයක්‌ පිහිටුවා ගැනීමට කටයුතු කරගෙන යන බව දේශපාලන අභ්‍යන්තරයෙන් වාර්තාවේ.

මෙම පක්‍ෂය පිහිටුවා ගැනීමෙන් පසු ඔවුන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ කාර්යභාරය ඉටුකිරීමට අපේක්‍ෂා කරන බවද සඳහන් වේ.

නව පක්‍ෂය පාර්ලිමේන්තු විපක්‍ෂයේ කාර්යභාරය ඉටුකිරීමේදී මුලදී එජනිසය තීන්දු කර තිබූ පරිදි විපක්‍ෂ නායක ලෙස කුමාර වෙල්ගම මහතාගේ නම නව පාර්ලිමේන්තුවේ කථානායක වෙත භාර දීමට කටයුතු කරන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

නව පක්‍ෂයට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 50-60 අතර ප්‍රමාණයක්‌ සම්බන්ධ වන බව මේ වන විටත් තහවුරු කරගෙන ඇති අතර නව පක්‍ෂය පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ කාර්යභාරය ඉටු කිරීමේදී විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර හවුල්කාර පක්‍ෂයකට හිමි වන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.