FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය සේවකයින්ට මැයි 01 වැනිදා සිට වාහන ආනයනය කිරිමේ බලපත්‍ර..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රාජ්‍ය සේවකයින් සඳහා ලබන මැයි මස 01 වැනි දා සිට වාහන ආනයනය කිරීමේ බලපත්‍ර යළි ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.
රුපියල ශක්තිමත්වීම හේතුවෙන් එම පියවර ගන්නා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමීන් ඊයේ (12) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.