FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – අප්‍රිකා සිව්වන තරඟයට එන අවසන් 11 දෙනා මෙන්න..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර සිව්වන එක්දින තරඟය අද (13) පොර්ට් එළිසබෙත්හිදි මෙරට වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ කිරිමට නියමීතය.
මෙම තරඟය සඳහා දකුණූ අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා හා දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් ක්‍රීඩක ක්‍රීඩා නොකරනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම ඩේල් ස්ටේන් සහ තුන් ඉරියව් ක්‍රීඩක ජේ.පී ඩුමීනි හා දඟ පන්දු යවන ක්‍රීඩක ත්‍රාබ්රෙස් ශම්ෂි අද (13) තරඟයට ක්‍රීඩා කිරිමට නියමීත බවත් පැවසේ.
අබාධයකට ලක්ව සිටින කුසල් ජනිත් වෙනුවට ඇන්ජලෝ පෙරේරා කණ්ඩායමට එක් විමට නියමීත බවත් ශ්‍රී ලංකා කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.
ඒ අනුව කණ්ඩායම් ආරංචි මාර්ග විසින් අද (13) තරඟයට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩක ලැයිස්තුව පහතින්.
ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)
1.නිරෝෂන් දික්වැල්ල 2. අවිශ්ක ප්‍රනාන්දු 3.ඔෂද ප්‍රනාන්දු 4. ඇන්ජලෝ පෙර්රා 5.කුසල් මෙන්ඩිස් 6.කමීඳු මෙන්ඩිස් 7.තිසර පෙර්රා 8.ඉසුරු උදාන 9.අකිල ධනංජය 10.ලසිත් මාලිංග 11.කසුන් රජීත
දකුණු අප්‍රිකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි )
1.කුවීන්ටන් ඩී කොක් 2..අයිඩින් මහාක්රම් 3.ෆප් ඩු ප්ලෙසීස් 4.රයන් වැන් ඩර් ඩුසෙන් 5.ජේ.පී ඩුමීනි 6.ඩෙවිඩ් මීලර් 7.ඇන්ඩිල් පෙහෙලුවකවායෝ 8.ඩේල් ස්ටෙන් 9.ඇන්රිච් නොර්ට්ජ් 10.ලුන්ගි නාගයිඩි 11.තබ්රේස් ශම්ෂි