FAST NEWS

24×7 Around the Globe

ඉන්දු – ලංකා ටෙස්ට් ගැටුමේ සිව්වන දිනය අදයි.

ශී‍්‍ර ලංකා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ 3 වන සහ අවසන් තරගයේ 4 වන දිනය අදයි.

කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය මේ වනවිට උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

පළමු ඉනිම අවසන් වනවිට ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 111 ක් ඉදිරියෙන් සිටි ඉන්දීය කණ්ඩායමේ දෙවන ඉනිමේ පළමු කඩුලු තුනම ඉතා ඉක්මණින් බිදවැටීම ඊට හේතුවයි.

ඊයේ (30) තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉනිම සදහා කඩුලු 3 ක් දැවී ලකුණු 21 ක් ලබාගෙන සිටියේය.

ඒ අනුව ඔවුන් සිටින්නේ ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 132 ක් ඉදිරියෙන්.

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 312 ක් ලබා ගත්තා. ඊට පිළිතුරු වශයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා රැස්කර ගත්තේ ලකුණු 201 ක් පමණයි.