තෙවැනි පරාජයට හැරවුම හා කමීදු ගැන මාලිංගගෙන් ප්‍රකාශයක්..

තෙවැනි පරාජයට හැරවුම හා කමීදු ගැන මාලිංගගෙන් ප්‍රකාශයක්..

(ෆාස්ට් ගොසිප් | කොළඹ) – තරඟයේ පළමු භාගයේදි ශ්‍රී ලංකාව විශාල වැරදි ප්‍රමාණයක් සිදු කළ බවත් ඉන් ලකුණූ 15-20 පමණ වැඩි වු බව දකුණූ අප්‍රිකාව සමඟ තෙවැනි එක්දින ක්‍රිකට් තරඟය පරාජයට පත් විමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
පිතිකරණයේදි හොඳ ආරම්භයක් ලබාගත් බවත් කඩුලු 02 ක ලකුණූ 75 ක් පමණ ලබා සිටියදි වැස්සෙන් බාධා විම නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලැබුණූ ඉලක්කය අසීරු එක්ක බවත් හෙතෙම පවසා තිබේ.
ඔවුන්ගේ ක්‍රීඩා විලාශය පිළිබඳව හොදින් අවධානය යොමුව තිබු නමුත් නොසිතු වේලාවක වැස්ස තරඟය බලපෑ බවත් මාලිංග පවසා ඇත.
කමීදු මෙන්ඩිස් අනාගයේදි ඉතාමත් ප්‍රයෝජනවත් ක්‍රීඩකයෙන් බවත්, තවදුරටත් ක්‍රීඩකයින්ට සිය කාර්ය හා විශ්වාසය අවබෝධ කර ගැනිම සඳහා අවස්ථාව ලබා දිය යුතු බවත් මාලිංග වැඩි දුරටත් සඳහන් කර තිබේ.