(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව පුරා රට වල සිදුවන නීති විරෝධි මිනිස් අවයව ජාවාරමේ වාර්ෂික වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ඉක්මවන බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි.
මිනිස් හා මිනිස් අවයව ජාවාරම කලාපිය සමුළුව ඊයේ (06) ලතින් ඇමරිකාවේ ගෝතමාලා හිදී පැවැත්විණි.
මෙහි අරමුණ මිනිස් අවයව ජාවාරමට එරෙහිව ගනු ලබන පියවර සහ ඒ පිළිබඳ අත්දැකීම්, තොරතුරු හුවමාරු කර ගැනීම බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.









