FAST NEWS

24×7 Around the Globe

වාහන මිළ ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර අයවැය යෝජනා අනුව වාහන වර්ග කිහිපයක මිළ ගණන් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එනම් ඇක්සියෝ සහ ඇක්වා වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 6 කින් ද ප්‍රිමියෝ සහ සී එච් ආර් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 7 කින් ද  වැඩි විය හැක.

තවද වැගන් ආර් මෝටර් රථයක් රුපියල් දෙලක්ෂ 50 දහසකින් ඉහල ගොස් ඇති අතර ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් රුපියල් එක් ලක්ෂ 50 දහසකින් වැඩි වේ .

කෙසේවෙතත් කිලෝ වොට් 70 විදුලි මෝටර් රථ වලට පණවා ඇති නිෂ්පාදන බද්ද අඩු කිරීම නිසා ඒවායෙහි මිළ ගණන් පහළ යා හැකි බව වාහන ආනයනකරුවන් සඳහන් කළේය.