FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් ඉන්දීයාවට ලබාදුන් තීරුබදු සහනය අත්හිටුවයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ඉන්දියාවට ලබාදුන් තීරුබදු සහනය අත්හිටුවීමට තීරණය කළ බව,අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
අමෙරිකා එක්සත් ජනපදය ලබාදුන් වෙළෙඳ සහනය යටතේ ඉන්දියාවෙන් අමෙරිකාව වෙත අමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් වටිනා තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට අවස්ථාව හිමිවී තිබිණ.
අමෙරිකාවත්, ඉන්දීය රජයත් අතර පැවැති සාකච්ජා අසාර්ථකවී ඇති අතර ඒ අනුව ට්‍රම්ප්, කොංග්‍රස් නායකයින්ට ලිපියක් යවමින් මෙම තීරණය දැනුම් දී තිබේ.