FAST NEWS

24×7 Around the Globe

2020 ජනාධිපතිවරණය හිලරි ක්ලින්ටන් ප්‍රතික්ෂේප කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2020 වසරේ දී ඇමරිකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව එරට හිටපු ජනාධිපති ආර්යා හිලරි ක්ලින්ටන් මහත්මිය පැවසුවාය.
ඇය 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂිකාව ලෙසින් කටයුතු කළත් එහිදී ඇය අනපේක්ෂිත ලෙස පරාජය වූ අතර , නොසිතූ ප්‍රතිඵලයත් සමඟ ඇය දේශපාලනයෙන් මද විරාමයක් ලබාගත්තාය.
ඒ වගේම ඉදිරියේදී කිසිදු දේශපාලන තනතුරක් සඳහා තමන් ඉදිරිපත් නොවනු ඇති බවත් මෙහිදී ඇය මත පළකර තිබුණි.
හිලරි ක්ලින්ටන් ඉතිහාසයට එක්ව ඇත්තේ අමෙරිකාවේ ප්‍රධාන ධාරාවේ පක්ෂයකින් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂිකාවක් ලෙසින් ඉදිරිපත් වූ පළමු කාන්තාව ලෙසටයි.
ලබන වසරේ ජනාධිපතිවරණය සඳහා හිලරි ඉදිරිපත් වනු ඇතැයි පිරිස අපේක්ෂා කළත්, ඉදිරියේදී නිවැරැදි දෙය වෙනුවෙන් පෙනී සිටීමට තමන් සුදානමින් පසුවන බව සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් හිලරි ක්ලින්ටන් පැවසුවාය.