FAST NEWS

24×7 Around the Globe

සෙනරත් පරණවිතාන ශූරීන්ගේ ඉපැරණි නිවස සංචාරක නිකේතනයක් කරයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් සීගිරිය ගවේෂණය කිරීම සඳහා නැවතී සිටි ඉපැරණි නවාතැන්පොළ සංචාරක නිකේතනයක් ලෙස නම්කර දෙස් විදෙස් සංචාරකයන්ට කුලියට ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙහිදී එතුමන් විසින් භාවිත කළ ඇඳ, පුටු , මේස, ආදී භාණ්ඩ ද ඕනෑම සංචාරකයෙකුට පරිහරණය කිරීමට ලබාදීම ද විශේෂත්වයකි.
සීගිරි පව්ව ඉදිරිපිට ඉතා මනරම් ස්ථානයක පොල් අතුවලින් සෙවිලි කරන ලද කටුමැටි ගැසූ සංචාරක නිකේතනය සෙනරත් පරණවිතාරණ ශූරීන් වසර 25 කට පමණ වැඩි කාලයක් මෙහි රැඳී සිටි ස්ථානය ලෙස සැළකේ.
සෙනරත් පරණවිතාන ශූරීන් නවාතැන්ගෙන සිටි ඉපැරණි නිවසේ කාමරයක රැඳී සිටීම සඳහා රුපියල් 400 ක පමණ ආසන්න මුදලක් දිනකට ලබාගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.