FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියා නායක කිම් ජොන් උන් රුසියා සංචාරයකට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුරු කොරියා නායක කිම් ජොන් උන් රුසියා සංචාරයකට සහභාගී වීමට සූදානම්ව සිටින බව රුසියා ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේ වෙතත් උතුරු කොරියා නායකයා රුසියාවේ සංචාරයේ නිරත වන දිනයක් හෝ කිසිදු තොරතුරක් පිළිබදව සඳහනක් නොමැති.
උතුරු කොරියා නායකයා ඇමෙරිකා ජනාධිපතිවරයා වියට්නාමයේදී හමුවීමෙන් අනතුරුව මෙලෙස රුසියා ජනාධිපතිවරයා හමුවන බව නිවේදනය කිරීම විශේෂත්වයක් ලෙසද එම මාධ්‍යවාර්තා කියයි.
රුසියන් පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක් උතුරු කොරියාවේ සංචාරයකට එක්වීමට ද නියමිත බවද එම මාධ්‍ය වාර්තා කියයි.