FAST NEWS

24×7 Around the Globe

නොබෙල් සාම ත්‍යාගයට තමන් සුදුසු නැති බව ඉම්රාන් ඛාන් කියයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නොබෙල් සාම ත්‍යාගය සඳහා තමන් සුදුසු නොවන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර සිටියි.
මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා ඉම්රාන් ඛාන්ගේ නාමය යෝජනා කළ යුතු බවට සිදුකළ ඉල්ලීම් වලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සදහන් කළේය.
” මම නොබෙල් සාම ත්‍යාගය ලබන්න සුදුසු පුද්ගලයෙක් නොවෙයි. කාශ්මීරයේ ජිවත් වෙන ජනතාවගේ අභිප්‍රාය අනුව ඔවුන්ගේ ගැටලුව විසදන්න පුලුවන් පුද්ගලයා කවුද? ඔහුටයි නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුත්තේ. මක්නිසාද ඔහුට පුලුවන් මේ ගැටලුව විසදීම මගින් කළාපයේ සාමය ඇති කරන්න”
ඉන්දීය ගුවන් නියමු අභිනන්දන් වර්ධමාන් නිදහස් කිරීම ඇතුළු පකිස්ථානය හා ඉන්දියාව අතර ගැටුමේදී ඉටුකළ භූමිකාව පිළිබඳ එහිදී අවධානය යොමුකර ඇත.
මේ හේතුවෙන් ඔහුට රටවල් රැසකින් යහපත් ප්‍රතිචාර ද හිමිවිය.