FAST NEWS

24×7 Around the Globe

ඇලබාමාහි ටොනාඩෝවකින් 14 ක් මිය යයි.

(ෆාස්ට් නිව්ස් | ඇලබාමා) – ඇලබාමාහි ලී කවුන්ටි ප්‍රදේශයේ ඇතිවූ ටොනාඩෝවක් හේතුවෙන් 14 දෙනකු මියගොස් තවත් කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්වය හේතුවෙන් මියගිය අය අතර දරුවන් කිහිපදෙනකු සිටින අතර බරපතල තුවාල ලබා කිහිපදෙනකු රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.

අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බව කාළගුණික අංශ අනතුරු අඟවා ඇත.

එම ප්‍රදේශයේ සියලුම පාසැල් සඳුදා දිනයේ වසා තබන බව නිවේදනය කර ඇත.

එමෙන්ම රජයේ කාර්යාල බොහොමයක් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.